අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවයිhttp://ravinduchandeepa.art.blog

අන්තර් පළාත් ලංකා ගමනා ගමන සහ පෞද්ගලික බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මේ අතර දුම්රිය ගමන්වාර ද පළාත් තුළට පමණක් සීමා කර තිබෙනවා. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට මෙතනින් එකතු වන්න.http://rvinduchandeepa.art.blog

adstudio.cloud

බස්නාහිර පලාතෙන් ආසාදිතයින් 1200ක් : දිස්ත්‍රික්ක 05ක කොවිඩ් ආසාදිතයින් සියයේ සීමාව ඉක්මවයි


ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 551ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. දිවුලපිටිය 120ක්, මිනුවන්ගොඩ 51ක්, සීදුව 63ක්, ගම්පහ 44ක්, කටාන 58ක්, මීගමුව 24ක්, කිරිඳිවෙලා 20ක් සහ පල්ලෙවෙල 19ක් ලෙස ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 362 දෙනෙකු වාර්තා වී ඇත. පානදුර – දකුණ 67ක්, මීගහතැන්න 62ක්, බුලත්සිංහල 43ක්, අගලවත්ත 20ක්, හොරණ 21ක්, පානදුර 27ක්, කළුතර 28ක්, මතුගම 31ක්, වැලිපැන්න 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 321ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. පිළියන්දල 50ක්, තලංගම 35ක්, මොරටුව 30ක්, කොට්ටාව 27ක්, හෝමාගම 18ක්, කොළඹ නගර සභා බල සිමාවේ 32ක්, අවිස්සාවේල්ල සහ හෝමාගම ප්‍රදේශ වලින් ආසාදිතයා 18 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇත. නුවරඑළිය 102ක්, කොටගල ප්‍රදේශයෙන් ආසාදිතයින් 65ක් දෙනෙකු ද ඊට අයත්.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 177 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පන්නල 38ක්, නාරම්මල 35ක්, නිකවැරටිය 22ක්, හෙට්ටිපොල 24ක් සහ කොබෙයිගනේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇත.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 170 දෙනෙකු වාර්තා වී ඇත. අම්බලංගොඩ 43ක්, ඇල්පිටිය 15ක්, ගාල්ල 24ක්, හබරාදුව 22ක් සහ හික්කඩුව 16ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පැල්මඩුල්ල 39ක්, රක්වාන 26ක්, ඇහැලියගොඩ 18ක් සහ කලවාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 27ක් වාර්තා වී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 109 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඉන් 72ක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. 

මේ අතර මාතර 19ක්, කෑගල්ල 39ක්, බදුල්ල 23ක්, අම්පාර 13ක්, අනුරාධපුර 83ක්, ත්‍රිකුණාමලය 36ක්, මුලතිව් 01, මහනුවර 50ක්, පුත්තලම 46ක්, මාතලේ 26ක්, කිලිනොච්චි 22ක්, පොළොන්නරුව 54ක්, හම්බන්තොට 41ක්, මොණරාගල 92ක්, මඩකලපුව 26ක් සහ විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 51ක් දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.

අලුත් අවුරුදු පොකුරට ඊයේ ආසාදිතයින් 2,624 ක් – මරණ 26කුත් වාර්තා වෙයි


කොරෝනා ආසාදිතයින් 2,624 ක් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 128,530ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. කෙසේවෙතත් එම පිරිසෙන් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් එක් ලක්‍ෂ 5,611 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

තවදුරටත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118ක්. 

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා මරණ 26 ක් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේද ඊයේ දිනයේයි.

එලෙස මියගිය පිරිස අතර  වත්තේගම ප්‍රදේශයේ  මාස තුනක් වයසැති බිළිදියෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම බිළිදිය මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රීය අක්‍රීයවීම හේතුවෙන්. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතරට පිරිමි පුද්ගලයින් 14 ක් සහ කාන්තාවන් 11 දෙනෙකු අයත් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා

මැයි 30 දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවේ


කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට තීරණ කර තිබෙනවා.

ඊට අමතරව පිරිස් එක් රැස්වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීම, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි සංඛ්‍යා සිමා කිරීමට, අසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.

Breakfast at my House

During the week we’re often walking out the door with a coffee in one hand and slice of toast in the other, but on weekends breakfast is never rushed. It’s a late affair, sometimes spilling over to lunch, with lots of reading and chatter in between courses of fruits, poached eggs, honey and toast. One of our favorite things we like to serve when friends are visiting are buckwheat blueberry pancakes.

Design a site like this with WordPress.com
Get started